ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කරයි

ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කරයි

මෙරට අපනයන ක්ෂේත්‍රයට දැවැන්ත ශක්තියක් වෙමින් ලබන 18 වනදා සිට ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කිරීමට ශ්‍රී  ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.


යුරෝපය, මැද පෙරදිග, ඇතුළු කලාප රැසකට මෙම විශේෂ ගුවන් භාණ්ඩ මෙයෙහුම ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ තුළින් ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමට අවස්ථාව උදාවනවා. මෙම සේවාව බරපතල අනතුරකට ලක්ව ඇති  මොහොතකයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නව පියවර ගෙන තිබෙන්නේ. ගුවන් මෙහෙයුම පිලිබද අදහස් දක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා කියා සිටියේ.


නව ක්‍රියාමාර්ගය තුළින් රටට වාසි රැසක් අත්වන බවයි. මේ අනුව සෑම අපනයන කර්මාන්තයක්ම  දිරි ගැනීමට හැකිවනවා. ඒ අනුව රටට විශාල වශයෙන් මුදල් ගලා ඒමට නියමිතයි. ලොව බොහෝ ගුවන් සමාගම් සිය සේවකයින් පවා ඉවත් කරන මොහොතක ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම සේවාව ක්‍රියාත්මක කරනවා.


යුරෝපය, මැදපෙරදිග, ඉන්දියානු උප මහද්වීපයේ සහ ඈත පෙරදිග ප්‍රධාන නගරවලට කොළඹ සිට සතියකට මෙවැනි ගුවන් ගමන වාර 27 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දැනට තිබෙන ඒ 320 හා ඒ 330 එයාර් බස් ඒ සදහා යොදා ගැනීමටයි  සැළසුම් කර ඇත්තේ.

views

741 Views

Comments

arrow-up