බුද්ධි අංශ බල ගැන්වීමට නව පනතක් - කැබිනට් අනුමැතිය ලැබෙයි

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් සියලු බුද්ධි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද(15) කොළඹ පැවැත් වෙන කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
ඒ අනුව පනත හඳුන්වා දිමට සඳහා වු කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දිමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
1321 Views
Comments