ධාවනයට නුසුදුසු සියලු බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර

ධාවනයට නුසුදුසු සියලු බස් රථ මගී ප්‍රවාහන සේවාවලින් ඉවත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, මධ්‍ය කඳුකරයේ ධාවනය වන පැරණි බස් රථ පිළිබඳ සොයා බලන බවයි.
අලුත්වැඩියා කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බස් රථ අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව ඔහු පැවසුවේ ය.
ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි ද ඔහු පැවසීය.
පස්සර, මඩොල්සිම ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තව ත් 40 දෙනෙකු තුවාල ලැබීම ඊට ආසන්නතම හේතුවයි.
රිය අනතුර පිළිබඳ වාර්තාව මෙතෙක් තමන්ට ලැබී නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
වසර 15 කට වඩා පැරණි බස් රථ 1000 ක් පමණ ධාවනයේ යොදවා ඇතැයි ද ඔහු පැවසුවේ ය.
780 Views
Comments