එජාප නව මහ ලේකම් රංගෙ බණ්ඩාර
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

එජාප නව මහ ලේකම් රංගෙ බණ්ඩාර

එජාප  නව  මහ ලේකම් රංගෙ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ.

 

ඒ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් අද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී. 

 

එක්සත් ජාතික පක්ෂයේ නව මහ‍ලේකම්වරයා ලෙස පත්කර තිබෙන්නේ හිටපු අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පත්කර තිබෙනවා

 

නව සභාපතිවරයා ලෙස එජාප ගාල්ල දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පත්කර තිබෙනවා.

 

භාණ්ඩාගාරිකවරයා ලෙස ඒ.එස්.එම්. මිෂ්බා මහතා තෝරාගෙන තිබෙනවා.

 

සහකාර නායක ලෙස අලුතින් තනතුරක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පත්කර තිබේ.

 

 

views

610 Views

Comments

arrow-up