JAN
06
හිටපු නියෝජ්‍ය ඇමති මහරූෆ් සහ සතොස හිටපු සාමාන්‍යාධිකාරීවරයාට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ සත්ව ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී මොහොමඩ් අස්ලම් යන අය ඇප මත මුදාහැර තිබෙනවා.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි ඔවුන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා.
යහපාලන රජය සමයේදී සතොස ආයතනයේ වාහන අවභාවිත කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් වන නඩුව යළි මාර්තු 24 වනදා කැඳවීමට නියමිතයි.
564 Views
Comments