නව වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම පාසල් ආරම්භ කළ වහාම සිදුකරනවා - අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරීස් මහතා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

නව වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම පාසල් ආරම්භ කළ වහාම සිදුකරනවා - අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරීස් මහතා

නව වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම පාසල් ආරම්භ කළ වහාම සිදුකරනවා - අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරීස් මහතා

නව වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම පාසල් ආරම්භ කළ වහාම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය් ජී.ඇල් පීරීස් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල්වලට නිලඇඳුම් ලබාදීම ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීම මෙතෙක් සිදුකර නොමැති බවට විපක්ෂනායකවරයා මේ අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනා කළේය.

 

ඊට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා පැවසුවේ දිස්ත්‍රීක් 05/06 ක් සඳහා මේවන විට නිල ඇඳුම් ලබාදී අවසන් බවයි.

 

නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන ක්‍රමවත්ව ක්‍රියාත්මක බවත්, පාසල් ආරම්භ නොකර නිල ඇඳුම් ලබාදීම ප්‍රායෝගික නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

 

පළමු ශ්‍රේණියේ සිට එකළොස්වැනි ශ්‍රේණිය දක්වා සියලුම පෙළපොත් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලවෙබ් අඩවියට යොමුකර ඇති අතර, පාසල් ආරම්භ කළ වහාම, නව වසරට අවශ්‍ය පෙළපොත් සියල්ල සිසු සිසුවියන් වෙත ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

 

 

 

views

631 Views

Comments

arrow-up