එළවලූ තොග මිල පාලනය පොලිසියට පවරයි – දිනපතා මිල පිරික්සයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

එළවලූ තොග මිල පාලනය පොලිසියට පවරයි – දිනපතා මිල පිරික්සයි

එළවලූ තොග මිල පාලනය පොලිසියට පවරයි – දිනපතා මිල පිරික්සයි

දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

 

ඒ, වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුවයි.

 

මැනිං වෙළඳපොළ, දඹුල්ල, වේයන්ගොඩ, මීගොඩ, කැප්පෙටිපොළ, නාරාහේන්පිට ඇතුළු දිවයින පුරා උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15 ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය මගින් සියලූ පොලිස් ස්ථාන වෙත සපයනු ලබනවා.

 

එම මිල ගණන් සසඳා අදාළ පොලිස් බල ප‍්‍රදේශවල සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීම සිදු වන්නේ ද යන්න සොයා බලන ලෙස සහ සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසයි වැඩ බලන පොලිස්පතිවරයා සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

views

843 Views

Comments

arrow-up