මැතිවරණ ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

මැතිවරණ ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද සිට

මැතිවරණ ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද සිට

ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් පාර්ශ්ව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (18) සහ හෙට (19) යන දිනවල සිදුකිරීමට නියමිතය. 

 

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් සහ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. 

 

මෙම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් නීතීඥ චරිත ගුණරත්න මහතා විසින් පළමු පෙත්සම ගොනු කරනු ලැබුණු අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඇතුළු තවත් පාර්ශ්ව 6ක් පසුව පෙත්සම් ගොනු කරන ලදී. 

 

මීට අදාළව ගුණදාස අමරසේකර මහතා, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂක ඕෂල හේරත් යනාදී පාර්ශ්ව 11ක් විසින් අතුරු පෙත්සම් ද ගොනු කර තිබේ. 

views

545 Views

Comments

arrow-up