කොරෝනා නීති ගැසට්ටුවට ඇමතිනිය අත්සන් කර නෑ – වෛද්‍යවරු පොලිසිය සහ PHI අමාරුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

කොරෝනා නීති ගැසට්ටුවට ඇමතිනිය අත්සන් කර නෑ – වෛද්‍යවරු පොලිසිය සහ PHI අමාරුවේ

කොරෝනා නීති ගැසට්ටුවට ඇමතිනිය අත්සන් කර නෑ – වෛද්‍යවරු පොලිසිය සහ PHI අමාරුවේ

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවලට නීතිමය නිවේදනයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අත්සන් නොකිරීම නිසා වෛද්‍ය නිලධාරීන්, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

 

1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ කොවිඩ් 19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණි. මෙම ගැසට් නිවේදනය නීති කෙටුම්පත් කර සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කර ඇතත් මෙතෙක් ඊට අත්සන් තබා නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

 

එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඊයේ (17 වැනිදා) යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි. මෙම ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත් වූ සාකච්ඡාවකදී දැනුම් දුන් බවද සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

 

කොවිඩ් 19 රෝගියකු විමර්ශන කිරීම, පාලනය කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, රෝහල්ගත කිරීම, මාතෘ ශරීර සඳහා සිදුකරන නෛතික ක්‍රියාමාර්ග නිවැරදිව ගැසට් කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසියට බලතල ලබාදීම මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සිදුවෙයි.

 

තම රාජකාරි සඳහා නීතිමය රැකවරණය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය කටයුතු නොකරන්නේ නම් මෙම සතියේදී කොවිඩ් 19 රාජකාරිවලින් ඉවත් වන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවති.

views

814 Views

Comments

arrow-up