විජයග්‍රහණයේ සැමරුම හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

විජයග්‍රහණයේ සැමරුම හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්

විජයග්‍රහණයේ සැමරුම හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඉතාමත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 

ඒ අනුව පස්වරු 4ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට නියමිතය.

 

කොවිඩ් 19 වසංගතය පැවතියද විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

රටේ කුමන තත්ත්වයක් පැවැතියද රණවිරුවන් අමතක කළ නොහැකි බවත් රණවිරුවන් ජීවිත පූජා කළේ රටට සාමය ලබාදීමට ඇපකැප වී කටයුතු කළ නිසා බවත් යුද හමුදාපතිවරයා පැවැසීය

views

641 Views

Comments

arrow-up