ඊයේ කොරෝනා ආසාදිතයින් 52ක් - මුළු ගණන 420ක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

ඊයේ කොරෝනා ආසාදිතයින් 52ක් - මුළු ගණන 420ක් වෙයි

ඊයේ කොරෝනා ආසාදිතයින් 52ක් - මුළු ගණන 420ක් වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ ඊයේ (24) රාත්‍රියේදී තවත් ආසාධිතයින් තිදෙනෙක් සොයා ගැනීමත් සමගයි.

 

මේ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස 52ක් වනවා.

 

ඉන් ආසාදිතයින් 11 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටි බණ්ඩාරනායක මාවතේ පිරිසක් වෙයි.

 

ආසාදිතයින් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයින් වන අතර 05 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් බව සෞඛ්‍ය අංශ පවසයි.

 

එක් දිනක් තුල මෙරටින් සොයා ගැනුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.

 

views

625 Views

Comments

arrow-up