පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් නිවේදනයක්

පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරිමට මැතිවරණ කොමිසම බැඳී සිටින  බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දිනයක් නියම නොකර පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරයා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

 

 

views

832 Views

Comments

arrow-up