නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබෙනවා.

 

1985 වසරේ දී සුරාබදු පරීක්ෂකවරයකු ලෙස සේවයට එක් වූ ඒ මහතා වසර 30කට අධික කාලයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොඹවා අැත.

 

බෝදරගම මහතා කළක් වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

 

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාල හිමි කරගෙන ඇති ඒ මහතා ජර්මනිය, කොරියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක විවිධ අධ්‍යයන කටයුතුවල නිරත වී ඇත. 

views

599 Views

Comments

arrow-up