ජීවිතය යනු තණ අග පිණි බිඳක් යැයි කියන කියමන පසක් කරමින් ලංගම බස් රියදුරු අසුනේදීම අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

ජීවිතය යනු තණ අග පිණි බිඳක් යැයි කියන කියමන පසක් කරමින් ලංගම බස් රියදුරු අසුනේදීම අවසන් ගමන් යයි

ජීවිතය යනු තණ අග පිණි බිඳක් යැයි කියන කියමන පසක් කරමින් ලංගම බස් රියදුරු අසුනේදීම අවසන් ගමන් යයි

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ අවාසනාවන්ත පුවතක් වාර්තා විය.

 

ඒ හේතුවෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ළිඳුල පොලීසිය පැවසිය.

 

මෙසේ ධාවනය වෙමින් තිබු බස් රථය තුළදි ම ජිවිතක්ෂයට පත් වි තිබුණේ නාවලපිටිය ලංගම ඩිපෝවේ 39 හැවිරිදි රියදුරෙකි.

 

නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ සේවයේ යොදවා තිබූ එම බස් රථය කාර්මික දෝෂයකට ලක්විම නිසා මගීන්ව වෙනත් බස් රථයකට මාරුකර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර, බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යළි නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට හදිසි රෝගි තත්ත්වයක් ඇතිවී තිබුණි.

 

කොන්දොස්තරවරයා ඒ පිළිබඳ ළිඳුල පොලීසිය වෙත දැනුම්දිමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් රියදුරු අසුනෙන් රියැදුරාව ඉවත් කර ඔහුව ළිඳුල  ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

 

නමු ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.

views

286 Views

Comments

arrow-up