29 කට කොරෝනා - සමස්ත රෝගීන් ගණන 1980 දක්වා ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

29 කට කොරෝනා - සමස්ත රෝගීන් ගණන 1980 දක්වා ඉහලට

29 කට කොරෝනා  - සමස්ත රෝගීන් ගණන 1980 දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 29 දෙනෙකු අද දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1980 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 


අද දිනයේදී වාර්තා වූ රෝගීන් සියලු දෙනා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.

 


නැව්වල සේවය කිරිම සඳහා මෙම පිරිස ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර මෙරටදී සිදුකළ PCR පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ.

 

views

910 Views

Comments

arrow-up