කාර්මික විද්‍යාල ජූලි 6 සිට විවෘතයි - වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන අදියර කිහිපයකින්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

කාර්මික විද්‍යාල ජූලි 6 සිට විවෘතයි - වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන අදියර කිහිපයකින්

කාර්මික විද්‍යාල ජූලි 6 සිට විවෘතයි - වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන අදියර කිහිපයකින්

කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ලබන මස 06 වැනි දා යළි විවෘත කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව කාර්මික විද්‍යාල විවෘත කිරීමට නියමිතයි. දැනට කාර්මික විද්‍යාල 39 ක් ක්‍රියාත්මක වනවා.

 

ලේකම්වරයා පැවසුවේ, මෙම සමස්ත ආයතනවල 110,000 කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබන බවයි.

 

මේ අතර ලබන 20 වැනි දා සිට සිනමා ශාලා යළි විවෘත කිරීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

 

එහි ලේකම්වරයා පැවසුවේ, වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන ඇතුළු ප්‍රාසාංගික කටයුතු ද අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

views

782 Views

Comments

arrow-up