මගේ ක්‍රමයට බැරිනම්, ඔයාලගෙ ක්‍රමවේදය හෙට උදේ දෙන්න - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

මගේ ක්‍රමයට බැරිනම්, ඔයාලගෙ ක්‍රමවේදය හෙට උදේ දෙන්න - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක් (VIDEO)

මගේ ක්‍රමයට බැරිනම්, ඔයාලගෙ ක්‍රමවේදය හෙට උදේ දෙන්න - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක් (VIDEO)

නිදා සිටින්නේ නැතිව වැටුණු ආර්ථිකය ගොඩනැගීම සදහා රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහබැංකු ප්‍රධානීන් හමුවේ අවධාරණය කළා. එම සහාය මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නා.

 

ශ්‍රී ලංකා මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළකළේ.

 

ඇමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන පෙළේ රටවල් මෙන්ම, දියුණු වෙමින් පවතින රටවල මහ බැංකු ද ආර්ථිකය ගොඩනැංවීමට අවශ්‍ය ක්‍රම වේද ඉදිරිපත් කර තිබෙනවා.

 

එහෙත් ශ්‍රී ලංකා මහබැංකුව ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන්  කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැති බවට ජනාධිපතිතුමා චෝදනා කළා.

 

 

views

838 Views

Comments

arrow-up