ජනපතිගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත් මහබැංකුව මහ රෑ කළ වෙනස
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ජනපතිගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත් මහබැංකුව මහ රෑ කළ වෙනස

ජනපතිගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත් මහබැංකුව මහ රෑ කළ වෙනස

ආර්ථිකයට මුදල් ගලා යෑම පහසු කිරීම සඳහා දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රුපියල් බිලියන 115 කින් නංවමින් ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමා තිබෙනවා.


මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම පියවර ගනු ලැබුවේ, ඊයේ පැවති රැස්වීමකින් අනතුරුවයි.

 

ඒ අනුව බලපත්‍රලාභී වානිජ බැංකුවල රුපියල් තැන්පතු සඳහා ව්‍යාවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2 % කින් පහළ දමා තිබෙනවා.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයත් සමග ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 වසරේ මේ දක්වා කාලය තුළ 3% කින් පහළ දමා ඇත.

 

මෙය අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාරවලට ණය ගලා යාම ඉහළ නංවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

 

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පැවසුවේ, ආර්ථික හා මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව මුදල් මණ්ඩලය අඛණ්ඩව නිරීක්ෂණය කර තවදුරටත් ප්‍රතිපත්තිමය හා නියාමන ක්‍රියාමාර්ග ගන්නා බවයි.

views

795 Views

Comments

arrow-up