රාජිතට මහාධිකරණයෙන් නොතිසි නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

රාජිතට මහාධිකරණයෙන් නොතිසි නිකුත් කරයි

රාජිතට මහාධිකරණයෙන් නොතිසි නිකුත් කරයි

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රදානය කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ජනවාරි මස 17 දා කැදවීමට කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළා.

 

ඒ අනුව මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙසට නම් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට මීලඟ දින අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් කරනු ලැබුවා.

 

පසුගිය දෙසැම්බර් මස 30 දා රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය දෝෂ සහිත බව පවසමින් නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා.

 

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව ඇප මත මුදාහැරීමට කළ නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා.

views

1064 Views

Comments

arrow-up