අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

අද කාලගුණය

අද කාලගුණය

අද දිනයේ(ජුලි මස12) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

 


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50 ටවැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 


ඌවපළාතේත්අම්පාර සහමඩකළපුවදිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එයි.


ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය  පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.

 

 


දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

 


ත්‍රිකුණාමලය  සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.

 


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

192 Views

Comments

arrow-up