19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කල මාරක අනතුර

පොතුහැර පොලිස් වසමේ කහවත්තේ, ඇළ බෙම්මුලලේ ගෙදර මාර්ගයේ 8 කණුව ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෙම්මුල්ලේ ගෙදර දෙස සිට කහවත්තේ ඇළ දෙසට ගමන් කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගින්නේරිය පාලම තුළට වැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබු පැදිකරු හා පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළුත් කිරීමේ දී පසුපැදිකරු මියගොස් තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි වදාකඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇත.
227 Views
Comments