නිශාන්ත ස්විස් ගෙන ගියේ යුද අපරාධ චෝදනා ගොනු කිරීමට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

නිශාන්ත ස්විස් ගෙන ගියේ යුද අපරාධ චෝදනා ගොනු කිරීමට

නිශාන්ත ස්විස් ගෙන  ගියේ යුද අපරාධ චෝදනා ගොනු කිරීමට

රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමට කි‍්‍රයා කළේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බව ස්විට්සර්ලන්තයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපතිනි තමාරා කුමානායගම් මහත්මිය ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවමින් හෙළිකර ඇත.

 

 


නිශාන්ත සිල්වා සතුව වැදගත් ලිපිගොනු ඇති බව බටහිර රටවල් දන්නවා. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් ශී‍්‍ර ලංකාවට එල්ලකර ඇති චෝදනා සනාථ කිරීමට මේ ලිපිගොනු වැදගත් වෙනවා යැයි ඇය තවදුරටත් පැවසුවාය.

 

 


ස්විස් බලධාරීන් ඔහු ස්විට්සර්ලන්තයට ගෙනගියා. එසේ නැතිව ඔහු පැනගියේ නැහැ. නිශාන්ත සිල්වා සතු අතිශයින් රහසිගත තොරතුරු ලබා ගැනීම එහි අරමුණ යැයි තමාරා කුමානායගම් සඳහන් කළාය.

 

 


ස්විස් රජය රහස් පරීක්‍ෂකවරයා ස්විට්සර්ලන්තයට ගෙන්වීම තොරතුරු සොරා ගැනීමක් බවද ඇය කීවාය.

 

views

783 Views

Comments

arrow-up