එක්සත් ජාතික පක්ෂ අර්බුද අද විසදෙයිද ?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

එක්සත් ජාතික පක්ෂ අර්බුද අද විසදෙයිද ?

එක්සත් ජාතික පක්ෂ  අර්බුද අද විසදෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (05) පස්වරුවේ පැවැත්විමට නියමිතයි. 

 

 

පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00 ට එම රැස්වීම පැවත්වෙනවා.

 

 

මෙහිදී පක්ෂයේ නායකත්වය/විපක්ෂ නායකත්වය  සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට ඉතා වැදගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කලේ.

 

 

මේ අතර  එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවෙ පැවැත්විමට නියමිත බවද  වාර්තා වනවා.

views

678 Views

Comments

arrow-up