ජනපති ඝාතන කුමන්ත්‍රණ කළැයි අත්අඩංගුවට ගත් 4ක් ඇප මත නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

ජනපති ඝාතන කුමන්ත්‍රණ කළැයි අත්අඩංගුවට ගත් 4ක් ඇප මත නිදහස්

ජනපති ඝාතන කුමන්ත්‍රණ කළැයි අත්අඩංගුවට ගත් 4ක් ඇප මත නිදහස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට හෝ අනතුරක් කිරීම සඳහා කුමන්ත්‍රණ කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් හතර දෙනෙකු ඇප මත මුදාහැර ඇතැයි  වාර්තා වනවා. කටුනායක පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් මෙම පිරිස පෙරේදා (02දා) සවස අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පුද්ගලයන් පස් දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඉන් හතර දෙනෙකු මුදාහැර තිබෙනවා.

 

අත්අඩංගුවට ගත් තිදෙනෙක් උතුරේ අක්කරායන් කුලම්,විශ්වමඩු ප්‍රදේශවල පදිංචි අය බවත්, අයෙක් මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් අනෙක් පුද්ගලයා නැගෙනහිර පළාතේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් වාර්තාවෙයි.

 

අත්අඩංගුවට පත් නැගෙන හිර පදිංචි පුද්ගලයා ඒ ප්‍රදේශයේ මාල කැඩීම ඇතුළු සුළු අපරාධ කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු කරුවකු බවත් ඒ නිසා ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරන බවත් වාර්තාවෙයි. අනෙක් පුද්ගලයින් පිළිබඳව දීර්ඝ ලෙස සිදුකළ පරීක්ෂණ වලදී ඔවුන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ වූවන් බවට හෙළි නොවීම නිසා ඔවුන් ඇප මත නිදහස් කරගෙන තිබෙනවා.‍

 

මෙම අත්අඩංගුට පත්වූ පුද්ගලයන් සත්‍ය වශයෙන් අත්අඩංගුවට පත්වී ඇත්තේ ඔවුන් බීර පානය කරමින් &කට මැත දොඩවමින්* සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව යම් පුද්ගලයෙක් කටුනායක පොලීසියේ නිලධාරියෙක් දැනුවත් කළ නිසා බවට හෙළිදරව් වී තිබේ. සීදූව, ජයවර්ධනපුර, අමන්දොළුව ප්‍රදේශයේ කුලී නිවසක සිටියදීයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

views

757 Views

Comments

arrow-up