ප්‍රදේශ රැසකට තද වැසි

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන බවත් වයඹ පළාතේ උදෑසන කාලයේ ද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කළා. යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන් බලාපොරොත්තුවෙන බවත් සඳහන් කළා.
607 Views
Comments