LTTEය වෙනුවෙන් ජාත්‍යන්තරයේ හඬ නැගූ මාධ්‍යවේදියෙක් කටුනායකදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

LTTEය වෙනුවෙන් ජාත්‍යන්තරයේ හඬ නැගූ මාධ්‍යවේදියෙක් කටුනායකදී අත්අඩංගුවට

LTTEය වෙනුවෙන් ජාත්‍යන්තරයේ හඬ නැගූ  මාධ්‍යවේදියෙක් කටුනායකදී අත්අඩංගුවට

LTTE සංවිධානයේ නෝර්වේ ප‍්‍රධාන සංවිධායක සහ මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන් නමැත්තා කටුනායක ගුවන්තොටුපලේදී අද (22) අලූයම ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා.

 

මීට මාස කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණි සේතුපරන් නමැත්තා අවස්ථා කිහිපයක දී මෙරට ආරක්ෂක අංශ විසින් ප‍්‍රශ්න කිරීම්වලටද ලක්කර ඇති බවයි වාර්තා වන්නේ. 

 

කොරෝනා වසංගතය හේතුවෙන් නෝර්වේ බලා යාම ප‍්‍රමාද කර ඇති ඔහු, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට මෙලෙස පැමිණ තිබුණේ යළි නෝර්වේ බලා යාමටයි. ඒ, කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. කෙසේවෙතත් ඔහුට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් ප‍්‍රකාශ කර තිබෙනවා.

 

ඒ අනුව ඔහු අද අලූයම 2.00 ට පමණ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට යොමු කෙරුණා. 

 

යාපනයේ පදිංචි ආරියගුණරාජා සෙල්වා නමැත්තකු විසින් කන්කසන්තුරේ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පියවර ගත් බවටයි වාර්තා වන්නේ.

 

views

802 Views

Comments

arrow-up