කේබල් ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම ජයිකා ආයතනය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

කේබල් ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම ජයිකා ආයතනය අත්හිටුවයි

කේබල් ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම ජයිකා ආයතනය අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ පැරණිම සංවර්ධන හවුල්කරුවෙකු වන ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සහ එහි ණය තත්ත්වය ගැන ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් පැහැදිලි කරන තෙක් නව සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරිම සඳහා ලබා දෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටිනවා.

 


මේ වසර මුලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් කේරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා කිලෝවොට් 220 ක භූගත කේබලයක් සඳහා ජයිකා ආයතනයෙන් අරමුදල් ඉල්ලා සිටියා. ඒ අනුව රජය විසින් ඊට අදාළ යෝජිත ව්‍යාපෘති ලැයිස්තුවක් යවන අතර මෙවර එය යෝජනා කළේ මෙම සම්ප්‍රේෂණ මාර්ගය JICA වෙත පමණි.

 


කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය ජපානයෙන් සිය ණය නැවත පියවීම සඳහා තාවකාලික සහනයක් ඉල්ලා සිටිය අතර ඉදිරි පස් වසර සඳහා ජයිකා අරමුදල මගින් ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවත්වන ලෙසටද ඉල්ලා සිටියා. ඒ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාස ගණනාවක් පුරා සාකච්ජා කොට ගිවිසුම් අත්සන් කර තිබියදීය.

 

 

views

804 Views

Comments

arrow-up