පාකිස්ථානයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙක් අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

පාකිස්ථානයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙක් අතුරුදහන්

පාකිස්ථානයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙක් අතුරුදහන්

පාකිස්ථානයේ, ඉස්ලාමාබාද් හි පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් දෙදෙනෙකු අද පෙරවරුවේ සිට අතුරුදහන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

 


සිය නිලධාරින් දෙදෙනාගේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් පාකිස්ථාන රජය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

 


එම නිලධාරින් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නොමැත.
මේ අතර මිට දින කිහිපයකට පෙර නව දිල්ලි හි පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ වීසා අංශයේ සේවකයින් දෙදෙනෙකු ඔත්තු බැලීමේ චෝදනාව මත එරටින් පිටුවහල් කිරිමට ඉන්දීය රජය විසින් පියවර ගනු ලැබුවා.

 


මේ අතර පාකිස්ථානයේ වෙසෙන ඉන්දීය රාජතාන්ත්‍රික නිලධාරින් පසුපස එරට බුද්ධි අංශ නිලධාරින් ලුහුබැඳීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ද දෙරට අතර යම් උණුසම් වාතාවරණයක් මතුව තිබෙනවා.

 


ඇතිව තිබෙන තත්ත්වය මත සිය නිලධාරින්ට එල්ලවී ඇති බලපෑම් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් හි පිහිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් පාකිස්ථාන රජයට සිය අප්‍රසාධය පළ කරමින් ලිපියක් ද යොමු කොට තිබුණා.

 

 

views

720 Views

Comments

arrow-up