ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ජනපතිට ඇමතුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ජනපතිට ඇමතුමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ජනපතිට ඇමතුමක්

ඊයේ (31) රාත්‍රියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කතා දුරකතන සංවාදයක යෙදී තිබෙනවා.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කලේ කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහ සමස්ත කලාපයට බලපා ඇති සෞඛ්‍යමය සහ ආර්ථිකමය බලපෑම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කල බවයි.

 

කොරෝනා මර්දනයට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම යෙදවීම සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්තූතිය පළ කල බවද ටෙඩ්‍රස් ඇඩනම් මහතා ප්‍රකාශ කර තිබේ.

 

 

views

2273 Views

Comments

arrow-up