ළමා අපයෝජන හා ගෘහස්ථ හිංසනවල ප්‍රවනතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

ළමා අපයෝජන හා ගෘහස්ථ හිංසනවල ප්‍රවනතාවක්

ළමා අපයෝජන හා ගෘහස්ථ හිංසනවල ප්‍රවනතාවක්

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් ඉහළ ගොස් ඇතැයි වාර්තාවනවා.

 

ජාතික ලමාරක්ෂක අධිකාරිය සඳහන් කර ඇත්තේ එම සිදුවීම් 33%න් පමන ඉහළ ගොස් ඇති බවයි.

 

එවැනි ගෘහස්ත හිංසන හෝ ළමා අපයෝජන පිළිබඳ වාර්තා වුවහොත් ඒ පිළිබඳ 1923 හෝ 1929 යන දුරකතන අංක අමතා තොරතුරු ලබා දෙන ලෙසයි එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කර ඇත්තේ.

 

ඇඳිරි නීතිය දැමීමට පෙර ගෘහස්ථ හිංසනය හා ළමා අපයෝජනය කරන 10% මට්ටමක පැවති බවත් මේ වන විට එය 30% දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

 

ඊට හේතුව ලෙස ඒ මහතා සඳහන් කරන්නේ අපයෝජකයන් මෙන්ම වින්දිතයින්ද මේ කාළය තුළ එකම නිවසක වෙසෙන බවයි.

 

එබැවින් මවු පියන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

views

903 Views

Comments

arrow-up