තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබති

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබති

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනකු සුවය ලබා තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 106 ‍දෙනාගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු එලෙස සුවය ලබා ඇති බවයි.

 

ඒ අනුව දැනට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97කි.

 

ජාතික බෝවන රෝග විද්‍යාතනයේ රෝගීන් 87 දෙනෙකු ද වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් 9 දෙනෙකු ද මුල්ලේරියාව මූලික රෝහලේ එක් රෝගියෙකු ද වශයෙන් ප්‍රතිකාර ලබමින් සිටී.

 

පසුගිය පැය 24ක කාලය තුළ මෙරටින් කිසිදු කෙරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 199කි.

views

597 Views

Comments

arrow-up