“ක්ලෝරෝකුයින්” ඖෂධය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

“ක්ලෝරෝකුයින්” ඖෂධය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින්න

“ක්ලෝරෝකුයින්” ඖෂධය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින්න

ක්ලෝරෝකුයින් නමැති ඖෂධය මෙම වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බැවින් එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වලකින ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

 

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “ක්ලෝරෝකුයින්” සහ “හයිඩ්‍රෝ ක්ලෝරෝකුයින්” නමැති ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලුම ඖෂධ ශාලා හිමිකරුවන්ට ද දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

 

කෙසේවුව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය සභාවේ ඉල්ලීම මත “ක්ලෝරෝකුයින්” ඖෂධ පෙති ලක්ෂ  05ක් නිෂ්පාදනය කර භාරදුන් බවයි.

views

680 Views

Comments

arrow-up