නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

ඊයේ (17) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්න කැඳවා තිබූ අවස්ථාවේ දී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොමිෂන් සභාවට අපහස කළ සාක්ෂිකාරියක ලෙස නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්න නම් කරන්නැයි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු එම කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වර්ෂයේ දී යොමුකළ ගොනුවකට අදාළව එම ගොනුවේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීස් වෙනුවෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කොමිසම හමුවට කැඳවා තිබිණි.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමේ දී ප්‍රශ්න මගහරිමින් කටයුතු කරන බව චෝදනා කරමින් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අදාළ ඉල්ලීම කළේය.
එසේම ප්‍රශ්නය මගහැරීම සහ ප්‍රතිප්‍රශ්න නැගීම සම්බන්ධයෙන් අධිනීතිඥවරියට කොමිසම විසින්ද ඊයේ දැඩි ලෙස අවවාද කරන ලදී.
මේ අතර මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ක්‍රියාවලිය අතරතුර අධිනීතිඥ නිශාරා ජයරත්න විසින් නීති වෘත්තීය ආචාරධර්ම කඩ කරමින් කටයුතු කළ බව පවසමින් මහර සිදුවීමේ දී අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ලේ දැක්වෙන්නේ 2020-12-16 වැනිදා නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එන්ජීඕ කාරයන් ලෙස සඳහන් කරමින් අධිනීතිඥවරිය වෘත්තීය ගෞරවයට හානිවන අයුරින් කටයුතු කළ බවයි.
අරුණ
690 Views
Comments