අද සිට ක්‍රියාත්මක වන අයවැය යෝජනා

2021 අයවැය යෝජනා රැසක් අද (11 වැනිදා) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව දේපළ උකසට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවෙන් 7% සහන පොලියක් අයකිරීමේ වැඩසටහනද අද සිට ක්‍රියාත්මක කෙරෙනවා.
සූර්ය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය බලය නිපදවීම, ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන්ට 4%ක පොලියකට සූර්ය පැනල ලබාගැනීමේ ණය මුදලක් නිකුත් කිරීමටද ආරම්භ කෙරෙනවා.
රුපියල් හත් ලක්ෂ පනස්දහසකට උපරිමයකට යටත් මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලසීමාව වසර 10කි. එසේම කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රාජ්‍ය සේවකයකු මරණයට පත්වුවහොත් අග්‍රහාර රක්ෂණ පහසුකම යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ලබාදීම සහ කොවිඩ් 19 නිසා රෝහල්ගත වන රාජ්‍ය සේවකයන්ට දින 10ක කාලයක් වෙනුවෙන් දිනකට රුපියල් 3000ක දීමනාවක් ලබාදීම අද සිට ක්‍රියාත්මක වනවා.
‘තුරුණු දිරිය’ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකයන්ට 4%ක සහන පොලියට රුපියල් ලක්ෂ 5ක් දක්වා කඩිනම් ණය නිකුත් කිරීමද ආරම්භ වනවා.
එසේම ‘කිරිශක්ති’ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව කිරිගවයන් මිලදී ගැනීම සහ අභිජනනය ඇතුළු ආශ්‍රිත කටයුතු වෙනුවෙන් ණය නිකුත් කිරීමද සිදුකෙරෙනවා.
රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන නිවාස මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 100කට උපරිමයකට යටත්ව ණය ලබාදෙනු ඇති.
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් 6.25% සහන පොලියට මෙම නිවාස ණය නිකුත් කිරීමට නියමිතයි.
624 Views
Comments