අනුර - සජිත් විවාදයට නීතිඥ සංගමයේ සහාය ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

අනුර - සජිත් විවාදයට නීතිඥ සංගමයේ සහාය ඉල්ලයි

අනුර - සජිත් විවාදයට නීතිඥ සංගමයේ සහාය ඉල්ලයි

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම් චතුර ගල්හේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කරනු ලැබීය.

 

පක්ෂ දෙකේ ආර්ථික කමිටු සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදයන් සම්බන්ධීකරණය සහ අනිකුත් විධිවිධාන සැලැස්වීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඔහු එමගින් ඉල්ලීමක් කරනු ලබයි.

views

60 Views

Comments

arrow-up