APR
21
වැවක මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට

ගොවිදුපුර, ජයන්ති වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (20) උදෑසන එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ, කොටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පෙරේදා (19) දින මසුන් ඇල්ලීම සඳහා නිවසින් පිටව ගොස් ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගොවිදුපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
258 Views
Comments