සුරාබදු ඉතිහාසයේ එක් දිනක ලැබූ වැඩිම ආදායම පසුගිය 03 වනදා - දවසේ ආදායම කෝටි 139යි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

සුරාබදු ඉතිහාසයේ එක් දිනක ලැබූ වැඩිම ආදායම පසුගිය 03 වනදා - දවසේ ආදායම කෝටි 139යි

සුරාබදු ඉතිහාසයේ එක් දිනක ලැබූ වැඩිම ආදායම පසුගිය 03 වනදා - දවසේ ආදායම කෝටි 139යි

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 111ක ඉතිහාසයේ එක් දිනක් තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් බිලියන එකයි දශම තුනකට වැඩි (මිලියන 1395ක්) මුදලක් අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

 

මෙම බදු ආදායම එකතු කර ඇත්තේ අප්‍රේල් 03 වැනිදා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය.

 

2024 මුල් මාස තුන තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති බවත් එය 2023 වර්ෂයේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී සියයට විසිහයයි දශම හතරක් (26.4%) බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසල් අප්‍රේල් 12 සහ 13 යන දිනයන්හි වසා තබන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

views

242 Views

Comments

arrow-up