ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට පත් නෞකාවේ විෂ සහිත අපද්‍රව්‍ය? - තවතම අනාවරණය මෙන්න

අමෙරිකාවේ බැල්ටිමෝර්හි පාලමක ගැටී අනතුරට පත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති නෞකාව තුළ විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන්ට අනුව එහි තිබී ඇති අපද්‍රව්‍ය තොගයේ බර ටොන් 746කි.
අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ද ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව එම අනතුර සිදුවන විට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවතියේය.
අඩි 984ක් දිගින් යුතු එම නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන්ට අනුව ඒ තුළ ටොන් 746ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේදී සැලකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි ද තිබී ඇතැයි සඳහන් ය.
අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ බහාලුම්වලින් 14ක් ගංගාවට ඇදවැටී ඇතැයි ද මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
නෞකාව මත ඇති අනෙක් බහාලුම් 4,644 සම්බන්ධයෙන් අමෙරිකානු ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය විමර්ශන සිදුකරමින් පවතී.
එමෙන්ම වාර්තා වූයේ පැටැප්ස්කෝ ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධව ගැටලු මතුව ඇති බවයි.
273 Views
Comments