කොරෝනා හැදුනු සාමාජිකාව ගැන බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

කොරෝනා හැදුනු සාමාජිකාව ගැන බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රකාශයක්

කොරෝනා හැදුනු  සාමාජිකාව ගැන  බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රකාශයක්

බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ සාමාජිකාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම සඳහන් කර තිබෙනවා.

 

බ්‍රැන්ඩික්ස් සමාගමේ සියලු මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සහ සහයෝගය හේතුවෙන් එම ආසාදන තත්ත්වය කලින් ම හඳුනාගෙන එම සාමාජිකාව වහාම ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකි වී ඇති බව ඔවුන් පවසනවා.

 

ඒ සම්බන්ධයෙන් එම සමාගමේ කරුණු දැක්වීම පහතින් දැක්වෙනවා.

 

‘මෙම ක්‍රියාවලිය සඳහා අදාළ බලධාරීන්ගේ උපදෙස් මත ඔවුන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට අපි කටයුතු කරන්නෙමු. වෛරසය ව්‍යාප්ත වීම මුළුමනින්ම නවතා දැමීම සඳහා එම සාමාජිකාව සේවය කළ පරිශ්‍රය දැඩි විෂබීජහරණයකට ලක් කිරීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මේවන විට ද ගෙන ඇත. එම රෝගියා සමග කටයුතු කළ එම පරිශ්‍රයේ තවත් සාමාජිකයන් 45 දෙනෙක් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද වහාම නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ට එම වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කෙරේ.

 

මෙම අවස්ථාවේදී අදාළ බලධාරීන් ලබාදුන් කඩිනම් ප්‍රතිචාර සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඔවුන්ට අපගේ කෘතඥතාව පළකර සිටිමු. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් ඔවුන්ගේ ප්‍රජාවගේත් සුරක්ෂිතතාව සඳහා අපගේ උපරිම ප්‍රමුඛතාව ලබාදී ඇති බැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අප විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි ආරක්ෂණ ක්‍රමවේද අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු.’

 

views

895 Views

Comments

arrow-up