කෝප් කමිටුව මාධ්‍යට විවෘත නොකිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ - අවසන් තීරණය 06 වන දා

කෝප් කමිටුව මාධ්‍ය වෙත ආවරණය කරන්නේද නැත්ද පිළිබඳව තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන ඔක්තෝබර් මස 06 දා ගැනීමට නියමිත බවත් කොප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු පවසන්නේ පාර්ලිමේන්තුවේ සමස්ත මාධ්‍ය භාවිතය පිළිබඳව සළකා බැලීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇති බවත් එය පක්ෂ නායකයන් පමණක් සහභාගීවන රැස්වීමක් බවත් චරිත හේරත් මහතා පවසයි.
827 Views
Comments