වැටුප් වැඩි නොකළොත් ‘වතු පවරාගන්න’ රජය සුදානම්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකළොත් වතු රජයට පවරා ගන්නා බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා වතු හාම්පුතුන්ට අනතුරු අඟවා තිබෙනවා.
වතු පාඩු ලබන බව කියමින් කම්කරු වැටුප ඉහළ දැමීමට මැළිවන හාම්පුතුන් දිගින් දිගටම වතු කරගෙන යාම පුදුම සහගත බවද මෙහිදී ඇමැතිවරයා පවසා තිබුණා.
අධික ලෙස පාඩු ලබන්නේ නම් එම වතු නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇති ඇමැතිවරයා එම වතු ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජයට හැකි බවද පෙන්වා දී ඇති බව සඳහන්..
වතු නිවාස, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, වතු රෝහල් රජයට පවරා ගෙන වතුකරයේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සිදු කරන්නේද රජය විසිනුයි.
එබැවින් වතු සමාගම්වලට විශාල මුදලක් ඉතිරි වන බව අවධාරණය කර ඇති ඇමැතිවරයා වතු සේවක රුපියල් දහසේ වැටුප ගැන සති දෙකකින් අවසන් තීරණයක් ලබා දෙන බවද වතු හාම්පුතුන් හමුවේ පවසා ඇති බව වාර්තා වනවා.
818 Views
Comments