කොරෝනාවෙන් මරණ මිලියනය ඉක්මවයි – මේ වෙනතෙක් තෙක් එන්නතක් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

කොරෝනාවෙන් මරණ මිලියනය ඉක්මවයි – මේ වෙනතෙක් තෙක් එන්නතක් නෑ

කොරෝනාවෙන්  මරණ මිලියනය ඉක්මවයි – මේ වෙනතෙක් තෙක් එන්නතක් නෑ

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව වාර්තා වන මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. නවතම දත්ත අනුව වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,000,202ක් වනවා.

 

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ මෙම නව වෛරසය මෙම වසරේ මාර්තු මාසයේ සිට ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කරනු ලැබුවා.

 

දැනට ලොව රටවල් රැසක් මෙම වසංගත තත්ත්වයෙන් පිඩාවට පත්ව ඇති අතර ඊට ගොදුරු වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 33,177,416ක් වන අතර සුවය ලැබූ පිරිස 24,504,931ක් වනවා.

 

මේ වන විට ලොව වැඩිම කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙස අමෙරිකාව ඉදිරියෙන් පසුවනවා. එරටින් මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 7,294,032 ක් වන අතර මරණ සංඛ්‍යාව 209,236ක් වනවා.

 

මේ වන විට කොරෝනා වෛරසයේ ලොව කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 06 අද ඉක්මවනු ලැබුවා. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 6,041,638 ක් වන අතර මරණ සංඛ්‍යාව 94,971ක් වනවා.

 

මේ අතර යුරෝපය පුරා යලිත් කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක්‌ නිර්මාණය වී ඇති අතර ඊයේ දිනයේදී ප්‍රංශයෙන් 14,412ක්, බ්‍රිතාන්‍යයෙන් 6,041ක්, ඉතාලියේ 1,869ක් සහ ජර්මනියේ 1,319ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය මයික් රයන් වාර්තාකරුවන් සමග පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා වසංගතයට එරෙහිව සාර්ථක එන්නතක් භාවිතයට ගැනීමේ හැකියාව ලැබෙන විට අවම වශයෙන් ලොවපුරා මිලියන 02ක ජනතාවක් වෛරසයෙන් ජිවිතක්ෂයට පත්විය හැකි බවයි

 

 

views

827 Views

Comments

arrow-up