රිය අනතුරකින් හමුදා සෙබළුන් සිවු දෙනෙක් එතැනම ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

රිය අනතුරකින් හමුදා සෙබළුන් සිවු දෙනෙක් එතැනම ජීවිතක්ෂයට

රිය අනතුරකින් හමුදා සෙබළුන් සිවු දෙනෙක් එතැනම ජීවිතක්ෂයට

වරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය කන්ටේනර් රථයක ගැටීමෙන්යි මෙම අනතුර සිදුව තිබෙන්නේ. කොළඹ සිට පොලොන්නරුව බලා ගමන් ගත් කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදුවුණා.

 

ත්‍රි රෝද රථයේ ගමන් කළ සිවු දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබීම හේතුවෙන් අනතුරට හේතුව කුමක්දැයි සොයා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැක පළකරයි.

 

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් අතර‍ ත්‍රි රෝද රථයේ තිබී අවමංගල්‍ය ගෙදරක බැනරයක් පොලීසිය  සොයාගෙන තිබෙනවා

views

695 Views

Comments

arrow-up