දක්‍ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක් - විදේශිකයන් 03ක් ඇතුළු 04ක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය ආසන්නයේදී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් විදේශිකයෝ තිදෙනෙක් ඇතුළු 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත රෝහල්ගත කර තිබෙන බවද පොලිසිය සඳහන් කරයි. මෙසේ මියගොස් ඇති අයගෙන් තිදෙනෙකු එක් පවුලක සාමජිකයන් වූ ඉන්දීය ජාතිකයන්.
අනතුර සිදුව ඇත්තේ ගාල්ලේ සිට කොළඹ දෙසට දක්වා ධාවනය වූ වෑන් රථය එම දිසාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන්.
අනතුර සිදු වූ ස්ථානයේ දීම තිදෙනෙකු මියගොස් ඇති අතර කරාපිටිය රෝහලේදී තවත් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
857 Views
Comments