කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 105 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 105 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 105 දක්වා ඉහළට

පොලිස් නිලධාරීන් 105 දෙනෙකු මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

 

අද (01) දිනයේ ද නිලධාරීන් දස දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

 

මේ අතර, දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

 

මේ හේතුවෙන් අදාළ පොලිස් නිලධාරිනිය රැඳී සිටි කොළඹ මලලසේකර මාවතේ කාන්තා භට නිවාසයේ 235 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කෙරෙමින් පවතී.

 

කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 26කි.

 

එමෙන්ම මෝදර පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු,දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු,කොළඹ වරාය,මාළිගාවත්ත,මරදාන සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථානවලින් එක් අයෙකු බැගින් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබේ.

 

 

 

views

667 Views

Comments

arrow-up