ශ්‍රී දළඳා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද සවස 6.37ට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ශ්‍රී දළඳා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද සවස 6.37ට

ශ්‍රී දළඳා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද සවස 6.37ට

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි.

 

එහි සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරය කළේය. පෙරහැර ආරම්භ කෙරුණේ, පස්වරු 6.37ට යෙදුණු සුබ මොහොතින්. ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් නික්මුනු පෙරහැර නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් වීදි සංචාරය කළේය.

 

පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය ඔස්සේ, ඩී.එස්.සේනානායක වීදියට පැමිණ, රජවීදිය ඔස්සේ ගමන් කොට යළි දළඳා මාලිගාවට ගෙවදුණහ. සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ, ඉන්දි රාජා හස්තියා විසින්. බුරුම රාජා සහ මියන් රාජා දෑලේ ගමන් කළේය.

 

මහනුවර ඇසළ මහා පෙරහැරේ ගමන් ගන්නා අලි-ඇතුන් සඳහා තෛලමය සත්කාරය ඊයේ විෂ්ණු දේවාල භූමියේ දී සිදු කෙරිණ. ඒ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන්.

 

views

1114 Views

Comments

arrow-up