තද වැසි තද සුළං - මුහුදත් රළු වෙයි

තද වැසි තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාතමක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
දිවයිනට ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මාතර සිට හම්බන්තොට මඩකලපුව හා ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකියි.
සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 ක පමණ ඉහළ යාම සිදුවිය හැකි බවත් එබැවින් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙම නිවේදනය හෙට (28දා) පෙ.ව. 7.00 තෙක් වලංගු වෙයි.
696 Views
Comments