නීති විරෝධි විදේශීය දුම්වැටි 43,600 අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 43600 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බටහිර නාවික විධානය සහ මිගමුව, පොලීසිය එක්ව මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 2180 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.එහිදී දුම්වැටි 43600 ක් තිබී සොයා ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා නිවසක් තුල සඟවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 23 වන වියෙහි පසුවන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මිගමුව, පොලීසිය විසින් සිදු කරනු ලබයි.
627 Views
Comments