පළමු විදෙස් සංචාරක කණ්ඩායම යුක්රේනයේ සිට දිවයිනට පැමිණේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

පළමු විදෙස් සංචාරක කණ්ඩායම යුක්රේනයේ සිට දිවයිනට පැමිණේ

පළමු විදෙස් සංචාරක කණ්ඩායම යුක්රේනයේ සිට දිවයිනට පැමිණේ

කෝවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට විදේශිකයින්ට ඇතුළුවීම වළක්වාලමින් ගුවන්තොටුපල වසා දැමීමෙන් පසුව අද යලි සංචාරකයින් සඳහා විවෘත කෙරුණා.

 

විදෙස් සංචාරකයින් යළි මෙරටට පැමිණීම ආරම්භ කරමින් පළමු විදේශීය සංචාරක කණ්ඩායම මෙරටට පැමිණ තිබෙනවා.

 

විදේශීය ගුවන් යානයකින් යුක්රේනයේ සිට මගින් 185 ක් රැගත් යානය අද පස්වරුවේ මත්තල ගුවන් තොටුපල වෙත ලඟාවුනා.

 

මෙම සංචාරක පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳීසිටින බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපල පිරිස් සංචාරකයින් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පුළුල් ලෙස විවෘත කිරීමට පියවර ගන්නා බවයි ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති රජිව් සූරියආරච්චි මහතා කියා සිටියේ.

 

 

 

views

542 Views

Comments

arrow-up