ඩොලරයක් මාරු කලොත් වැඩිපුර රුපියල් දෙකක්

2021 අයවැය මඟින් යෝජනාවක් ලෙස විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට එවනු ලබන විදේශ මුදල්, ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතරව රුපියල් දෙකක දිරි දීමනාවක් ගෙවීමට කටයුතු කර තිබෙනවා
මෙම යෝජනාව, බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර එම දිරිදීමනාව ගෙවීම සඳහා වැයවන පිරිවැය රජය විසින් දරනු ලැබේ.
තමන් සතු අරමුදල් සුරක්ෂිතව මෙරටට එවීමටත් එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමටත් මෙමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙම අවස්ථාවෙන් හැකියාව ලැබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
673 Views
Comments